මැයි 22 පනත් දෙකක් පාර්ලිමේන්තුවට.!

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය (14) වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එළඹෙන මැයි (22) වැනි බදාදා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සදහන් කළාය.

එළඹෙන මැයි (22) වනදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර “ආර්ථික පරිවර්තන” සහ “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නැමැති පනත් කෙටුම්පත් දෙක එදින පළමුවර කියවීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පෙ.ව 9.45 සිට ප.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවද මහලේකම්වරිය සදහන් කළාය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement