By unusuma.lk on
(LK time)9 වන පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් 167ක් සම්මත වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
පාර්ලිමේන්තුව පසුගිය 2020 අගෝස්තු (20) වනදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් (24) වනදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබුවේය.
පාර්ලිමේන්තු කාලසීමාව තුළදී රජයේ පනත් 146ක් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් 21ක් ලෙස අදාළ පනත් 167ක් සම්මත වී ඇත.
පාර්ලිමේන්තුවේ, අධ්යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්යක්ෂ සන්නිවේදන (වැඩබලන) එම්. ජයලත් පෙරේරා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.