පාර්ලිමේන්තුව විසුරුවා හරී.?

පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත් විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මෙතෙක් සාකච්ඡාවක් සිදුව නොමැති බවත් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා නොවු බව වාර්තා වේ.

එළඹෙන (19) වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බව බොහෝ වාර්තා වල දැක්වෙයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement