හදිසියේම පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් යොදවයි.!

අද (04) දින පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ගවල දැඩි ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සදහන් කරයි.

අද දින මහා මාර්ගවල පෙළපාලි යෑම තහනම් කර ඇති අතර නීති කඩන පුද්ගලයක්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද පොලිසිය සදහන් කරයි.

පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන මැති ඇමැතිවරුන් පැමිණෙන මාර්ගවල ගැවසෙන සැක සහිත පුද්ගලයන් පිළිබඳව අවධානයෙන් පසුවන බවද පොලීසිය සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවත් යළිත් මන්ත්‍රීවරුන් පිටව යන තුරුම දැඩි ආරක්ෂාවක් යොදවන බවද සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close