ජනතා නියෝජිතයන්ට සැප වාහන ගෙන්වන්න අනුමැතිය.!

මෙරට රාජ්‍ය සේවයේ විවිධ කාණ්ඩවල විධායක ශ්‍රේණි නිලධාරීන්ට ලබා දී ඇති පහසුකම් වලට සමාන අයුරින් තමන්ටද වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙස විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරනා මන්ත්‍රීවරුන් 100 දෙනෙකු පමණ කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් සිදුකළ ඉල්ලීම පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ධනාත්මක අයුරින් සලකා බැලූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය එම ඉල්ලීමට ලැබීමත් සමග එය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි පියවර අනුගමනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

එහි අවසන් අනුමැතිය සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ලිපියක් මගින් දැනුම් දෙනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement