රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ඉන්දීය ණය ආධාර මත ලැබුණු පළමු කඩදාසි තොගය ලැබී ඇති බවත් ඒ අනුව පෙළපොත් මුද්‍රණ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා නොමිලේ පෙළ පොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකර පොත්වලින් 45%ක් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලබාදී ඇත.තවද 55%ක් මුද්‍රණය සදහා පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද නිවේදනයේ සදහන් වේ.
ගිවිසුම්ගත මුදලින් 20%ක අත්තිකාරම් මුදල පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇති බවත් එම මුදලින් 50%ක පමණ ප්‍රමාණයක් 2022 වර්ෂයේ ප්‍රතිපාදන මඟින් ඉල්ලුම් කරන ලද මුද්‍රණාල වෙත ලබාදීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මුද්‍රණය අවසන් කළ පෙළපොත් පෞද්ගලික මුද්‍රණාල කිහිපයකින් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති අතර මුද්‍රණය කරන ලද තවත් පෙළපොත් තවදුරටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගබඩාවට ලැබෙමින් පවතින බවද නිවේදනයේ සදහන්ය.