පාස්කු පිළිබඳ විවාද 11 යි, වියදම කෝටි 13 යි, ප්‍රතිඵලය 0 යි.!

මීට වසර 05කට ඉහතදී සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විවාද 11ක් පාර්ලිමේන්තුවේදී රැස්වී පවත්වා ඇති බව වාර්තා වේ.

රුපියල් 13,200,000 /= පමණ මුදලක් ඉහත සඳහන් කළ විවාදයක සඳහා රැස්වූ දින 11 වෙනුවෙන් වියදම් වී ඇති බවත් සඳහන්.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ එකම කරුණක් සම්බන්ධයෙන් වැඩිම විවාද සංඛ්‍යාවතක් පැවැත්වූ පළමු අවස්ථාවද මෙය බව වාර්තා වේ.

එම පාර්ලිමේන්තු විවාදයන් පවත්වා ඇත්තේ 2019 මැයි 7, 8, 10 යන දිනයන් හිදී, 2021 වසරේ මාර්තු 10,25,26 යන දිනයන් හිදී, එම වසරේම අප්‍රේල් 7,8,9 යන දිනයන් මෙන්ම පසුගිය 2023 වසරේ සැප්තැම්බර් 21 සහ 22 යන දිනයන් හිදීය.

කෙවේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් දින 3ක විවාදයක් මෙම වසරේ අප්‍රේල් 24, 25 සහ 26 දිනවල පැවැත්වීමට සැලසුම් කර ඇති බවද සඳහන්.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close