පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක්.. බලය ලබාගන්න කරපු ක්‍රියාවක්.!

පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වී ඇති බවට ඇතැම් දේශපාලඥයින්ගේ ප්‍රකාශ වලින් පිළිබිඹු වනබව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර අවුරුදු 4ක් ගතවෙද්දි කතෝලික ජනතාවටවත් ශ්‍රී ලාංකිය ජනතාවටවත් සෑහිමකට පත්වෙන්නට බැරි බවත් ප්‍රහාරයට ලක්වූවන්ට සාධාරණයක් ඉටු වුවායි කියා සෑහීමකට පත්විය නොහැකි බවද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පවසයි.

අද (08) දින පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් තවදුරටත් සදහන් කළේ,

“අවුරුදු 4ක් ගතවෙද්දි කතෝලික ජනතාවටවත් ශ්‍රී ලාංකිය ජනතාවටවත් සෑහිමකට පත්වෙන්නට බැහැ. මේ පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට සාධාරණය ඉටු වූවායි කියලා. ඒ ප්‍රහාරයට සාධාරණය ඉටුකරන්න කොමිසම් 3ක් පත්කෙරුවා. මේක පිටුපස යම්කිසි කුමන්ත්‍රණකාරී දෙයක් සිදුවෙනවා.

යම්කිසි කෙනෙක් බලයට පත්වෙන්නට ‌මේක ඈද ගත්තා. මේක උදවු කරගත්තා. ඒ කියන්නේ මුස්ලිම් අන්තවාදයට එහා ගිය දේශපාලන අතපෙවීමක් තුළ සිදුවුණ දෙයක් කියලා ප්‍රකාශ වෙනවා. ඒ විතරක් නෙමෙයි මෛත්‍රීපාල සිරුසේන පසුගිය දවසක කියනවා. මේ ගෝඨාභය රාජපක්ෂට ෆයිල් භාරදීලා තියෙනවා.

ඒ ෆයිල්වල යම් යම් රහසිගත දේවල් තියෙනවා. ඒවා එළියට දාන්න කියලා ගෝඨාභයට කියන්න කියලා. හොඳටම පැහැදිලියි. මේ අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් සිදුකරපු දෙයක් විතරක් නෙමයි ඊට එහා ගිය දේශපාලන හස්තයක් බලය ලබාගැනීම හෝ වෙන කාරණයක් සම්බන්ධයෙන් ඒ අය කරපු ක්‍රියාවක් කියලා.”

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close