රටම කම්පා කරවු පාස්කු ප්‍රහාරය සිහිකර විනාඩි 2ක නිහැඬියාව.!

පාස්කු ප්‍රහාරයට වසර 04ක් ගතවන මේ අවස්ථාවේදී ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ වී නැති බවත් ප්‍රහාරය පිළිබඳ කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇද්ද යන්න බරපතල ප්‍රශ්නයක් මතුව ඇත.

පසුගිය 2019 වසරේ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක්ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක්ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

එම මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද දිනයේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථාන පරිශ්‍රයේදී මේ වනවිට විශේෂ සැමරුම ආරම්භ වී ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර ඇත.

ඒ අනුව අද උදෑසන 8.00 සිට කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා කොළඹ – මීගමුව මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය කිරිමට සැලසුම් කර ඇති අතර අද (21) පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close