අවුරුදු 4ක් ගත වුවත් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවී නෑ.!

රටේ දේශපාලනාඥයන් බලයේ එල්ලී තමන් ලොක්කා යැයි සිතා ගෙන කටයුතු කරන බවක් පෙනෙන්නට ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙමින් පැවසුහ.

මෙරට පාස්කු ප්‍රහාරය සිදුවී වසර 4ක් ගත වුවද තවමත් යුක්තිය ඉටුවී නැති බවත් යුක්තිය උදෙසා අරගල කිරීම වැදගත් වනුයේ ඒ නිසා බවද කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුහ.

ප්‍රහාරයේදී සිදුවූයේ කුමක්දැයි තවම කවුරුත් දන්නේ නැති බවත් රටේ මිනිසුන් නොයෙකුත් දේ පවසන බවත් යුක්තිය උදෙසා අරගල කිරීම වැදගත් වන්නේ ඒ නිසා බවද කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුහ.

රටේ තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ නොකරන ලෙසත් පවතින ක්‍රමයට යාමට ඉඩදෙන ලෙසත් ඇතැමුන් සදහන් කලත් තරුණයින් අරගල කර ලංකාවේ දේශපාලනය වෙනස් කළ බවද කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුහ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close