පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිකරන්න මෛත්‍රී බෑ කියයි.!

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන්  මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන අද (03) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියට දැනුම් දී ඇත.

නීතීඥ සන්දීප්ත සූරියආරච්චිගේ මෝසමකට අනුව මෙම නඩුව කැදවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මගින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරසේන මේ පිළිබඳ දැනුම් දී ඇත.

මේ අතර පස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුල සිටම දැනගෙන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව සිරිල් ගාමිණි පියතුමා පැවසූහ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close