By unusuma.lk on
(LK time)මරාගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධ ජනාධිපති කොමිෂන් වාර්තාව පිටවූයේ ජනාධිපති කාර්ය මණ්ඩලය අතින් බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි.
ජාතික ආරක්ෂාව අනතුරට වැටෙන සංවේදි තොරතුරු වාර්තා දෙකේ ඇමුණුම් වල තිබෙන නිසා ප්‍රසිද්ධ කරන්න එපා කියා එම වාර්තාවල සදහන් වන බවද හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි.
හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල තවදුරටත් සදහන් කළේ,
“මට වාර්තා ලැබුණු විධිය නොවේ සොයා බැලිය යුත්තේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිට වුණු ආකාරයයි සොයා බැලිය යුත්තේ. ජාතික ආරක්ෂාව අනතුරට වැටෙන සංවේදි තොරතුරු වාර්තා දෙකේ ඇමුණුම් වල තිබෙන නිසා ඇමුණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා වාර්තාවල සඳහන් වෙනවා.
ජාතික ආරක්ෂාව වෙනුවෙන් හැමදාමත් පෙනී සිටිය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට මම මේ ඇමුණුම් කිසිසේත් ප්‍රසිද්ද කරන් නැ. මම ප්‍රසිද්ධ කරන්නේ වාර්තා පමණයි. අපේ අතට මේ වාර්තා ලැබුණු නිසා හොඳයි.
නමුත් මට ලැබුණු ආකාරයටම මව්බිමේ සතුරන්ටත් මේ ඇමුණුම් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු පිට කරන මීයා කවුද කියන එක දැන්ම සොයා ගැනීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳයි.
ඉමාම් වාර්තාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගාව මාස තුනක් තිබුණා. කාටවත්ම පිට වුණේ නෑ. නමුත් අනුර දිසානායක ජනාධිපතිතුමා බලයට ඇවිත් සති තුනක් ගත වෙන්න කලින් මේ වාර්තා දෙකම පිට වුණා.
ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාතිව කටයුතු කළත් අනුර දිසානායක මැතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාති නෑ කියන එක නේද.?
ඒ නිසා මට ලැබුණු විධිය හොයන එක පැත්තකින් තියලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිට වුණේ කොහොමද කියන එක ගැන අපේ හේරත් ඇමතිතුමා දැන්ම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.”
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව සදහන් කරයි.