By unusuma.lk on
(LK time)පසුගිය රාජපක්ෂ සහ යහපාලන ආණ්ඩු සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් අපරාධ හා මහා පරිමාණ වංචා දූෂණයන්ට අදාළ අපරාධ පරීක්ෂණ පැමිණිලි විමර්ශනය කිරීම කඩිනමින් කර ඇති බව තොරතුරු වාර්තා වෙයි.
පාස්කු සංහාරය, බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව, සිරිලිය ගිණුම, මාධ්‍යවේදී ලසන්ත ඝාතනය තාජුඩීන් ඝාතනය ඇතුළු දැනට නතර වී ඇති වංචා දූෂණවලට අදාළ ලිපිගොණු විශාල සංඛ්‍යාවක් ප්‍රමුඛතා ලැයිස්තුවකට ඇතුලත් කර ඇති බව සඳහන්.
අදාල පරීක්ෂණ කටයුතු කඩිනමින් කිරීමටත් විමර්ශනවල ප්‍රගතිය ඇගයීමටත් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.