අද (12) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට දිනයක් හෝ වේලාවක් වෙන්කරගත් සියලු අයදුම්කරුවන් දහවල් 12.00 ට පෙර පැමිණ සිය අයදුම්පත් භාර දෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබාදී ඇති අයදුම්කරුවන් වෙත පමණක් විදෙස් ගමන් නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තවද වේලාවක් ලබා ගෙන නොමැති අය එදිනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාල වලට පැමිණීමෙන් වළකින ලෙසද ජනතාවගෙන් ඉල්ලා ඇත.