පිතුවිරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේ පැවති ඛණිජතෙල් නිෂ්පාදන (විධිවිධාන) පනත් කෙටුම්පත් විවිාදයට එක් වෙමින් ප්‍රශ්න කර සිටියේ විදේශ විනිමය මෙරටට අහිමි කරමින්, කර්මාන්ත ශාලා වැසී යන තත්වයක් නිර්මාණය කර විදුලි බල මණ්ඩලය ලබන ලාභයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද යන වගයි.
පිරිවැය නිරූපිත මිල ක්‍රමයකට විදුලිය ලබාදීමේ ක්‍රමවේදයට තමා එකඟ වූවත් අතීත විදුලි පාරිභෝජන පිරිවැය වත්මන් විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගැනීම වැරදි සහගත ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී වරයා,
“ඛණිජතෙල් නිෂ්පාදන (විධිවිධාන) පනත යටතේ සැකසූ නියෝග පිළිබඳ විවාදයකට සහභාගි වීමට ලැබීම සතුටක්. අද න්ොයෙකුත් පාරිසරික හේතු මත වේගයෙන් ඛනිජතෙල් භාවිතයෙ අඩුවෙනවා. අපේ ඛනිජතෙල් වලට වඩා තිබෙන්නේ ස්වභාවික ගෑස්. වත්මන් ආර්ථික අර්බූදයට වඩාත් සුදුසු විසඳුම තමයි හැකි ඉක්මනින් අපේ තෙල් සහ ගෑස් සම්පත ගොඩ ගන්න එක.
2023 මහ බැංකු වාර්තාවට අනුව මෙරට මහ බැංකුව 2023 වසරේ රුපියල් බිලියන 114ක ශුද්ධ අලාභයක් ලභා තියෙනවා, 2022 වසරේ ශුද්ධ අලාභය බිලියන 374ක්. නමුත් මහ බැංකුව මෙරට ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩිකිරීම සිදුකළේ අඛණ්ඩව වසර ගණනාවක් බිලියන ගණනින් පාඩු ලබමින් සිටියදී.
මහ බැංකු අධිපතිවරයා ඉතාම නින්දිත අයුරින් දේශපාලකයෙකුවත් නොකරන අයුරින් මගේ ප්‍රකාශයට පිලිතුරු දෙමින් කියනවා මහ බැංකුව තිබෙන්නේ ලාභ ලබන්න නොවේ ආර්ථික ස්ථාවරත්වය හදන්න, ලාභ පාඩු මත මහ බැංකුව සාර්ථක ද අසාර්ථක ද කියලා තීරණය කරන්නේ අවබෝධයක් නැති අය කියලා.
මම ඇත්තටම මතු කළ කාරණයට පිලිතුරු දීම එතුමා මගහැර තියෙනවා, එතුමා ඔහු විසින් හදාගත්තු කතාවකට පිළිතුරු දීල තියෙන්නේ, ඒක නිසා මම එතුමාට ආරාධනා කරනවා මගේ කතාව හරියට ඇහුම්කන් දෙන්න කියලා මොකද පාඩු ලැබීම නිසා මහ බැංකුව අසාර්ථකයි කියලා මම කියලා නෑ.
මහ බැංකුව තිබෙන්නේ ලාභ උපයන්න නොවේ. ඒක ඇත්ත. නමුත් ඉතිහාසයේ ලොකුම පඩි වැඩි කිරීම කර ගත්තේ දිගින් දිගටම පාඩු ලබන පසුබිමක කියලායි මම කිව්වේ. මහ බැංකුව පිළිබඳ මගේ අවබෝධය එතුමාට බලා ගන්න අවශ්‍ය නම් මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම හෝ වත්මන් ආර්ථික අර්බූදයට මහ බැංකුව නිර්දේශ කරන විසඳුමේ සාර්ථකත්වය පිලිබඳ මා සමග විවාදයකට එන්න කියා මම එතුමාට අභියෝග කරනවා”