නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු උදෑසන සූදානම් කළේය.
ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේ පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දී ඇත.
පවිත්‍රා වන්නිආරච්චි වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නේය.
ජීවන් තොණ්ඩමන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
මීට අමතරව පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරු 8 දෙනෙකු ඉදිරි දින කිහිපය ඇතුළතදී කඩින්කඩ දිව්රුම් දීමට එකඟතාවක් ඇතිව ඇති බවද වාර්තා වේ.