By unusuma.lk on
(LK time)කිලෝමීටර 100,000ක මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන 2020 වර්ෂයේදී ආරම්භ කළ අතර පසුගිය 2023 වර්ෂයේ සිට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එකී වැඩසටහන යටතේ මේ වන විට රුපියල් බිලියන 28.37ක හිඟ බිල්පත් පියවීමට ඉතිරිව පවතී.
එසේම අත්‍යවශ්‍ය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සදහා 2024 වර්ෂයේදී රුපියල් බිලියන 20ක් වෙන් කරනු ලැබ ඇති අතර ඒ යටතේ කිලෝමීටර 1,000ක් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව එම වැඩසටහන් දෙක යටතේ නිරවුල් කළ යුතුව පවතින හිඟ බිල්පත් පියවීම සදහා 2024 වර්ෂය වෙනුවෙන් අමාත්‍යාංශය වෙත වෙන්කර ඇති එහෙත් මේ දක්වා භාවිත කර නොමැති ප්‍රතිපාදන කළමනාකරණය කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.