ඉන්දුනීසියාවේ සිට කිලෝමීටර් 100ක් පමණ නැගෙනහිරින් පැපුවා නිව්ගිනියාවේ රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි.
ඒ වෙවාක් වෙරළබඩ නගරයේ සිට කිලෝමීටර් 97 ක් සහ කිලෝමීටර් 62 ක් ගැඹුරට මෙම කම්පනය ඇති වූ බවත් එය අලුයම 4:00 ට පසුව සිදු වූ බවද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සුනාම් අනතුරු ඇගවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නැගෙනහිර පැපුවා නිව්ගිනියාවේ දූපත් සමූහයක කොටසක් වන දුරස්ථ නිව් බ්‍රිතාන්‍ය ප්‍රදේශයේ පසුගිය පෙබරවාරි මස අග රික්ටර් පරිමාණයේ 6.2 ක භූමිකම්පාවකටද ගොදුරු විය.