තවත් එන්නතක් 21 හැවිරිදි තරුණියක් බිලිගනී.!

මහනුවර පේරාදෙණිය රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි 21 හැවිරිදි තරුණියකට එන්නත් දෙකක් ලබාදීමෙන් පසුව මියගොස් ඇති බව තරුණියගේ මව චෝදනා කරයි.

බඩේ ඇතිවු අජීරණ තත්ත්වයක් හේතුවෙන් කොටලිගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර අනතුරුව පේරාදෙණිය මහ රෝහල වෙත මාරු කර යැවු බවද තරුණියගේ මව සදහන් කරයි.

වාට්ටුවේ හෙදියක එන්නත් දෙකක් ලබාදුන් අවස්ථාවේ ඇය වේදනාවෙන් කෑ ගසා ඇති බවත් අනතුරුව වැසිකිළියට ගොස්  වමනය දමා ටික වේලාවකට පසුව මියගිය බව තරුණියගේ මව සදහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුගන්නාව පොත්තපිටියේ පදිංචි චමුදි සන්දිපනී මධුෂිකා ජයරත්න නම් 21 හැවිරිදි තරුණියකි. 

මියගිය තරුණියගේ මව සදහන් කළේ,

“මගේ දුවට කැනියුලා එකක් ගහලා සේලයින් එකක් දුන්නා. ඊට පස්සේ බෙහෙත් දෙකක් විද්දා. බෙහෙත් දෙක විදිනකොටම මගේ ළමයාට ඇස් දෙකත් එක්ක මොකද්දෝ වෙලා මගේ මැණික කිව්වා මොකද්දෝ වෙන්න එනවා කියලා. ඒ කරලා මගේ දුව එහෙමම ගියා බාත්රූම් එකට.

ළමයා සින්ක් එකේ ඔළුව තියාගත්තා. ඔක්කෝම නිල් වෙලා, අතපය නිල් වෙලා මගේ ළමයා කඩාගෙන වැටුණා. මම කෑ ගහද්දි මිසීලා ඇවිත් මගේ ළමයව වාට්ටුවට අරන් එනකොට මම ඇහුවා මොනවද මගේ ළමයට විද්දේ කියලා.? මට අද මගේ කෙල්ල නෑ. මට එක කෙල්ලයි ඉන්නේ. මගේ ළමයට වෙන ලෙඩක් තිබුණේ නෑ.”

Loading

RSS