අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අල්ලස සහ දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සංවිධානය කර තුබූ විරෝධතාව ආරම්භ කළ අවස්ථාවේදී පොලීසිය සහ විරෝධකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට වාහන බලපත්රය නැවත ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා එම විරෝධතාව සංවිධානය කර තිබිණි.
පැමිණ සිටි පිරිස විසින් විරෝධතාවය ආරම්භ කිරීමත් සමග පොලීසිය එම විරෝධතා පුවරු සහ බැනර් හකුළා ඉවත් කළ අතර, එහිදී විරෝධතාකරුවන් සහා පොලීසිය අතර ගැටුමක ස්වරූපයක් හටගත්තේය.
අද උදෑසන සිට ජනාධිපති ලේකම් කාර්යාලය අවට ආරක්ෂාව ද තරකර තිබුණු අතර පසුව විරෝධතාකරුවන් විසින් ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ මහතා වෙත සංදේශයක් භාරදෙනු ලැබීය.