පාර්ලිමේන්තුවේදී ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා සිටියේ 2024 වසරේ මුල් මාස 4 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත්තේ නව මත්පැන් බලපත්‍ර 37ක් පමණක් බවත් ඉන් 16ක්ම නිකුත් කර ඇත්තේ සුපිරි වෙළෙඳසැල්වලට බවත්ය.
2023 වසරේ මත්පැන් බලපත්‍ර 214ක් නිකුත් කර ඇති නමුත් ඉන් 147ක් සංචාරක ක්ෂේත්රයට නිකුත්කර ඇති බවත් මත්පැන් බලපත්‍ර ප්‍රමාණය තීරණය කරනා ප්‍රධාන සාධකය වන ජනගහනය අනුපාතය අනුව බැලීමේදී තවත් බලපත්‍ර 474ක් ලබා දීමට හැකියාව පවතින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍යය අමාත්‍යවරයා කියා සිටියේය.