ඉන්ධන කෝටාව වැඩි කරයි.. නව ⁣ගණන් මෙන්න.!

එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් රටේ ජනතාවට ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඒ සදහා අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ලබාගෙන ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සදහන් වේ.

ඒ අනුව සතියකට,

විශේෂ ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාව ලීටර් 15ක් දක්වාද,

සාමාන්‍ය ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 05ක ඉන්ධන කෝටාව ලීටර් 08ක් දක්වාද,

යතුරු පැදි සඳහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක් දක්වාද,

බස් රථ සදහා ලබා දෙන ලද ලීටර් 40ක ඉන්ධන කෝටාව ලීටර් 60ක් දක්වාද,

කාර් රථ සඳහා ලබා දෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද,

ඉඩම් වාහන (Land Vehicle) සඳහා ලබා දෙන ලද ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාද,

ලොරි රථ සඳහා ලබා දෙන ලද ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාද,

Quadric Cycle සදහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාද,

විශේෂ කාර්ය වාහන සඳහා (Special Purpose Vehicle) ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද,

වෑන් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close