රෝගීන්ගේ ජීවිත අවදානමක.. බාල ඖෂධ රටපුරා.!

වෙළෙඳ පොළට බාල තත්ත්වයේ ඖෂධ තවදුරටත් ගලා ඒම නිසා රෝගීන්ගේ ජීවිත අවදාමකට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඖෂධ වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරයක් නොමැති බවත් ඒ සදහා උසස් රසායනාගාරයක් අවශ්‍ය බවද ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.

ආනයනය කරන සියලුම ඖෂධ කාණ්ඩවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ප‍්‍රමිතිය සහිත උසස් රසායනාගාරයක් ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ එනිසා බවද වෛද්‍යවරයා සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close