පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක්.!

රික්ටර් මාපාංක 6.7 ක අගයකින් යුත් භූමිකම්පාවක් පිලිපීනයේ මින්දනාඕ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදුව ඇත.

එම දූපතට කිලෝමීටර් 630 ක් ගැඹුරින් වූ මුහුදේ මෙම භූමිකම්පාව සිදුව ඇති බව භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම භූමිකම්පාවෙන් කිසිදු හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දූපත් වාසීන්ගෙන් බලධාරීන් ඉල්ලා සිටියි.

Loading