මාස ගණනාවක් පුරා මේ තම ඉල්ලීම් සඳහා රජයෙන් ලබාදුන් පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් අද පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4ක කාලයක් උතුරු මැද පළාතේ සියලු රෝහල්වල වර්ජන ක්‍රියාමාර්ගයක් සිදුකරනා බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේය. මෙම වැඩ වර්ජනය සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් යුත් වෘත්තීය සමිති තම සහයෝගය දක්වයි.
ඒ අනුව උතුරු මැද පළාත් රෝහල්වලින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර 13දා මධ්‍යම පළාත, 14දා සබරගමු පළාත, 15දා වයඹ පළාත, 16දා දකුණු පළාත, 20 දා ඌව පළාත සහ 21 දා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සඳහන්.
මේ සඳහා රජය පාර්ෂවයෙන් තවදුරටත් නිසි ප්‍රතිචාර නොලැබෙන්නේ නම් මැයි 22 දා සිට නැවත දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක න්හිර්තතවන බවද එම සංගමය අවධාරණය කරයි.
කෙසේවෙතත් අද දින පැවැත්වෙන වෘතීය ක්‍රියාමාර්ගය සඳහා හෙදියන්ගේ සහභාගී නොවන බවට සමස්ත ලංකා හෙද සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.