රට පුරා යළිත් ඉන්ධන පෝලිම්.!

බොහෝ ප්‍රදේශ වල ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු වාහන පෝලිම් දක්නට ලැබෙන බවත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන අවසන් වී ඇති බවද වාර්තා වේ.

ඉන්ධන අවසන් වු පිරවුම්හල් වෙත ඇණැවුම් කල ඉන්ධන තොග ලැබෙනු ඇති බවත් ඉන්ධන ලබා ගැනීමට ජනතාව උනන්දු වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවද පිරවුම්හල් හිමියන් සදහන් කරයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව ගමන් බිමන් යාම සඳහා මෙලෙස ඉන්ධන රැස් කරන අතර රජය විසින් ඉන්ධන කෝටාව වැඩි කිරීම සහ මිල අඩු කිරීම මත මෙම තත්ත්වය උද්ගතව ඇත.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සදහන් කළේ, ජනතාවට අවශ්‍ය ඉන්ධන සංස්ථාව සතුව පවතින නිසා ජනතාව කලබල නොවි ඉන්ධන ලබාගන්නා ලෙසත් යලි ඉන්ධන හිගයක් ඇති නොවන බවයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close