අමෙරිකා ගුවන් හමුදාව විසින් සිදුකළ දීර්ඝකාලීන විමර්ශන වලින් අනතුරුව හඳුනානොගත් පියාසර වස්තූන් පිළිබඳ වාර්තා 510ක් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හදුනානොගත් පියාසර වස්තූන්වලින් බහුතරයක් සංවේදී ගුවන් අවකාශයන් හි පියාසර කර ඇති බවට අමෙරිකානු ගුවන් හමුදාව තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම හදුනානොගත් පියාසර වස්තුන් පිටසක්වල යානා බවට මෙතෙක් තහවුරු කර නොමැති වුවත් එහි තර්ජනයක් පවතින බවද අදාළ වාර්තා වලින් පෙන්වාදී ඇති බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි.