දිවයින පුරාම ජුනි 01 සිට භාණ්ඩ කිහිපයක් තහනම් කරයි.. එම භාණ්ඩ මෙන්න.!

එළඹෙන ජුනි මස පළමුවැනිදා සිට දිවයින පුරාම ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, ප්ලාස්ටික් මල්මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් බීම බට යන නිෂ්පාදන බෙදාහැරීම, අලෙවිය සහ භාවිතය තහනම් කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ සදහන් කරයි.

ඊයේ (30) දින ජාත්‍යන්තර කසළ ශුන්‍ය දිනය සැමරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොළඹදී පවත්වන ලද වැඩසටහනකදී සභාපති සුපුන් එස්. පතිරගේ සදහන් කළේ,ඊට අදාළ සියලුම රෙගුලාසි ගැසට් කිරීමට කටයුතු කරන බවයි.

ජනනය වන කසළ වලින් සියයට 60%ක් ඉතා පහසුවෙන් පොහොර බවට පත්කිරීමේ හැකියාව පවතින බවත් ඉතිරි කසළ ප්‍රමාණය ප්‍රතිචක්‍රීයකරණය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සහ පළාත් පාලන අධිකාරිය යාන්ත්‍රණයක් සකසා ඇතැයිද සභාපතිවරයා සදහන් කරයි.

එළඹෙන 2025 වසර වන විට තවත් ප්ලාස්ටික් භාණ්ඩ කීපයක් තහනම් කිරීමට සැලසුම් කර ඇති බවත් ඊට අදාළ භාණ්ඩ ලැයිස්තුව සකස් කරමින් පවතින බවද සභාපති සුපුන් එස්. පතිරගේ සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

9 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close