රට පුරා පළාත් පාලන ආයතනවල නිල කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වු අතර අද දිනයේ සිට එම සියළු සභාවන්හි බලය පළාත් පාලන කොමසාරිස්වරුන්ට හිමිවිය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති බහුතරයක ජයග්‍රහණයක් වාර්තා කළ අතර ඉන් පත් වූ සියලුම මන්ත‍්‍රීවරුන් හා සභික ධුර ඊයේ රාත්‍රියේ සිට අහෝසි වී ඇත.
ඒ අනුව දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතිරි වී සිටින්නේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී පිරිස පමණක් වන අතර එම මන්ත්‍රීවරුන්ද කොටස් කිහිපයකට බෙදී කොටස් වශයෙන් දේශපාලන ගමනක් අරඹා ඇත.