ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට රට වටේම සිය සංවිධාන ජාලය නැවතත් සක්‍රිය කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත.
පොදුජන පෙරමුණ පක්ෂයට නැති වු ඡන්ද පදනම යළිත් සක්‍රීය කරගනිමින් මැතිවරණයකට සුදානම් වීමට පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කර ඇත.
ඒ අනුව ජනතාවට නොමිලේ සහල් බෙදීම, ලිත් බෙදා හැරීම ආදී වැඩසටහන් රැසක්ම ආරම්භ කිරීමට පොදුජන පෙරමුණ පක්ෂ ප්‍රධානීන් පියවර ගෙන ඇත.
තවද පොදුජන පෙරමුණ පක්ෂය මැතිවරණ කමිටු රට වටේම පිහිටුවා ඡන්ද පදනම වැඩි කරගැනීමට මේ දිනවල කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වේ.