නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ කණ්ඩායම, බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම සහ ජනාධිපතිවරයා සමග ගමනක් යාම සුදුසු බව කියන කණ්ඩායම ලෙස පොදුජන පෙරමුණ කොටස් තුනකට කැඩී ඇති බව වාර්තා වේ.
පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුවේදී සිදුකළ සාකච්ඡාවකදී මන්ත්‍රිවරු ප්‍රකාශ කර ඇත්තේ පොසොන් පොහොයට පෙර පොහොට්ටුව විපක්ෂයට යාමට සූදානම් බවයි.
පොහොට්ටුව විපක්ෂයට යාම සම්බන්ධයෙන් සැලසුමක් පවතින බවත් ජාතික ලැයිස්තුවෙන් බැසිල් රාජපක්ෂ යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් බවද වාර්තා වේ.