ඉදිරි මැතිවරණ ප්රචාරණ කටයුතු මෙහෙයවීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවත, ජයන්තිපුර පෙදෙසේදී අද (10) දින විවෘත කර ඇත.
මෙම අවස්ථාවට පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ අතර පාර්ලිමේන්තු මන්ත්රී චමල් රාජපක්ෂ සුබ මෙහොතින් පීත්ත පටිය කපා කාර්යාලය විතෘත කර ඇත.