පොහොට්ටුවේ සැලුන් දොර හිරවෙයි.. ආපසු දෙන්නෑ කියයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය පාවාදී වෙනත් පක්ෂ සමග එකතු වු කිසිවකුට නැවත තම පක්ෂයේ ඉහළ නිලතල ‌හෝ නාම ‌යෝජනා නොදෙන බව පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සදහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂය පාවාදුන් එම පිරිස පත්ව ඇති තත්ත්වය පිළිබඳව දැනුවත්ව සිටින බවත් එම පිරිස සම්බන්ධයෙන් තම පක්ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවද සාගර කාරියවසම් සදහන් කරයි.

රටේ ජනතාව කියනවා නම් පොදුජන පෙරමුණ පක්ෂයේ සැලුන්දොර තවදුරටත් විවෘතව නොතබන බව මහින්ද රාජපක්ෂ පැවසූ බවත් කිසිම ආකාරයකින් පක්ෂය පාවාදිලා ගිය පිරිස පක්ෂයට නොගන්නා බවද සාගර කාරියවසම් සදහන් කරයි.

වෙනත් පක්ෂයක් සමග සන්ධානගත වීමට ආරාධනා ලැබුණත් සන්ධානගත වෙන්නේ පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්ති සමග එකග වන්නේ නම් පමණක් බවද පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සාගර කාරියවසම් සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement