පළාත් පාලන මැතිවරණයේ ජනතාව හමුවට යාමට ආධාරකරුවන් සොයාගත නොහැකි වීමෙන් පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් රැසක් අසරණ වී ඇතැයි වාර්තා වේ.
සිය අපේක්‍ෂකයන් සමග මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ගෙන්ගෙට යාම හෝ ජනහමු සංවිධානය කිරීමට ජනතාව පැකිලෙන බව අපේක්ෂකයන් රැසක් සිය ආසන සංවිධායකවරුන් වෙත දැනුම් දී ඇත.
එනිසා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණය ඇණහිට ඇති අතර එම පක්‍ෂය ප්‍රධාන මට්ටමේ ජනහමු කිසිවක් පළාත් පාලන මැතිවරණය සදහා පවත්වා නැති බවද වාර්තා වේ.
තවද පොදුජන පෙරමුණ පක්ෂ නායක මට්ටමේ කිසිවෙකුත් සහභාගි වන කිසිදු ජන රැලියක් සම්බන්ධයෙන් කිසිම දැනුම් දීමක් මේ වන තෙක් සිදුකර නැති බවද වාර්තා වේ.