අද දින පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචිව සිටි පි.ඒ.පුෂ්පකුමාර නිශ්ශංක යන 58 හැවිරිදි ඉංජිනේරුවෙකු ඔහුගේ නිවස තුළ අබිරහස් ලෙස මියගොස් සිටියදී හමුවූ බව කහතුඩුව පොලිසිය සදහන් කරයි.
ඉංජිනේරුවරයාගේ නිවසින් කිසිදු ශබ්දයක් නොවීම හේතුවෙන් යාබද නිවසේ පුද්ගලයා තවත් පුද්ගලයකු සමඟ පැමිණ නිවසේ දොර ජනේල වලට ගසා ප්‍රතිචාරයක් නොවූ හෙයින් නිවසේ ජනේලය විවෘත කරගෙන ඇතුළු වී ඇත.
එහිදී ඉංජිනේරුවරයා නිවසේ සාලයේ හාන්සි පුටුවක් අසල මුනින් අතට ලේ විලක් මැද මැරී වැටී සිටින අයුරු දැක එම පුද්ගලයා කහතුඩුව පොලිසියට කරන ලද දැනුම්දීමකට පසු පොලිස් නිලධාරීන්ට එම නිවස වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඉංජිනේරුවරයාගේ බිරිඳ මඩකලපුව ප්‍රදේශයේ රෝහලක සේවය කරන බවට අනාවරණය වී ඇති අතර ඔහුගේ මරණය ඝාතනයක්ද.? නැතිනම් සියදිවි නසා ගැනීමක්ද.? යන්න සොයාගැනීමට කහතුඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.