අතේ සල්ලි නෑ.. පොලිස් බසයේ ටයරය ගලවා විකුණයි.!

පොලිස් බස් රථයකට ගෙනා අලුත් ටයරය විකුණා දැමූ බව කියන කුරුණෑගල මූලස්ථාන පොලිසියේ කොස්තාපල් රියදුරෙකුගේ වැඩ අද (17) දින තහනම් කර ඇත.

ඒ අලුත ගෙනා ටයරය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මාළුලොරි රථයක රියදුරෙකුට විකුණා බස් රථයේ පරණ ටයරය ගලවා නැවත පිරවූ ටයරයක් සවිකර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.

ලැබුණු තොරතුරක් මත කුරුණෑගල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ  නිලධාරීන් විසින් කල පරීක්ෂණයකදී මේ බව හෙළි වී ඇත.

ඒ අනුව මූලික විමර්ශනයක් පවත්වා එම පොලිස් කොස්තාපල් රියදුරාගේ වැඩ තහනම් කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close