රියදුරන්ට පොලීසියෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.!

එළඹෙන 75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු හේතුවෙන් ගාලූ මුවදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලීසිය සදහන් කරයි.

අද (28) දින, හෙට (29) දින සහ පෙබරවාරි මස 01 වනදා සිට නිදහස් දිනය දක්වා කාලය තුළ අළුයම 5.00 සිට දහවල් 12.00 අතර කාලය තුළ මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වේ.

ඒ ගාලු මුවදොර මැද පාර – ගාලු මුවදොර වටරවුමේ සිට එන්. එස්. ඒ. වට රවුම දක්වා සහ චෛත්‍ය පාර ප්‍රදේශය කොල්ලුපිටිය හංන්දියෙන් ගාලු මුවදොර දෙසට සහ කොල්ලුපිටිය දුම්රියපොළ පාරට ඇතුළු වීම අදාළ කාලය තුළ සීමා කරයි.

නිදහස් දින උ‍ත්සව සහ පෙරහුරු පැවැත්වෙන කාලයේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම්දීමක් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close