පොලිසියට ගුටි පූජාවක්,දස දෙනෙකු අත්අඩංගුවට.!

නාවික හමුදා සෙබලෙකු ඇතුලූ දස දෙනෙකුගෙන් යුතු කන්ඩායමක් විසින් ඊයේ (12) දින වීරවිල සත්ව ගොවිපල භූමියේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදී ඇත.

පහර දීමෙන් පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමක් පාලනය කිරීමට ගිය පොලිස් කණ්ඩායමට එහි සිටි සැකකරුවන් අතින් පයින් පහර දී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය දැනුම් දීමත් සමගම පොලිස් කණ්ඩායමක් පැමිණ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close