පොලිස් බලඇණි කැදවා ආරක්ෂාව තර කරයි.. ඇතුළුවීම තහනම්.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ලිපිගොනු අතුරුදන්ව ඇති බවට කරන ලද පැමිණිල්ලට අනුව එහි මුලික විමර්ශන අවසන් වන තෙක් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම් වන බව මරදාන පොලීසිය සදහන් කරයි.

මරදාන පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් අද (06) පස්වරුව තෙක් නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළුවීම වළක්වා ඇති බව වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල සදහන් කරයි.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ එය තම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

මේ වනවිට නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් ඇතුළු පිරිසක් එම මූලස්ථානයට පැමිණීම හේතුවෙන් එහි ආරක්ෂාව තර කළ බවද පොලිසිය සඳහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement