අණ තොතකා ධාවන කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි.!

පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී අණ තොතකා සැක සහිත ලෙස ඉදිරියට ධාවන කළ ලොරි රථයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පානදුර උතුර පොලීසිය විසින් සිදුකළ සොදිසි මෙහෙයුමක් අතතුර දී බව වාර්තා වේ.

පොලිස් වෙඩි තැබීමෙන් ලොරි රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසයි.

පසුව පොලීසිය විසින් එම ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි නීති විරෝධී ආකාරයෙන් ගවයන් ප්‍රවාහනය කරමින් සිට ඇති බවට අනාවරණය වී ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement