හදිසියේම විශේෂ මෙහෙයුමක් අරඹයි.!

විශේෂ මෙහෙයුමක් බොරැල්ල පොලිස් වසමේ සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශයේ සිදුකර ඇති බව පොලිසි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

මෙම විශේෂ මෙහෙයුම සඳහා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව ඇති අතර එහිදී විවිධ අපරාධ වලට සම්බන්ධව සැක සහිත පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වරෙන්තුකරුවෙකු සහ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු සිටින බවද පොලීසිය සදහන් කරයි.

මේ අතර ලැබුණු තොරතුරක් මත ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට අයත් ඩෝරා යාත්‍රාවක් නාවික හමුදා සෙබළුන් කිහිපදෙනෙකු සමඟ අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සඳහා පිටත්ව ගොස් ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close