පොලිස් නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි.!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවී ඇත.

මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු සිදුකළ දැනුම්දීමකට අනුව අධිවේගී මාර්ගයේ ජාඇළ හුවමාරුව අසල වගුරු බිමක තිබී එම පොලිස් නිලධාරියාගේ සිරුර හමුවී ඇත.

මියගොස් ඇත්තේ ජාඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකු වන අතර එම මරණය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Loading