පොලීසිය නව මෙහෙයුමක් අරඹයි.!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහ පොලිස් විශේෂ කාර්ය බළකාය භාර අණදෙන නිලධාරීවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ නව මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සඳහා පොලීසිය මෙම මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර දැනට මනුෂ්‍ය ඝාතන වැඩිම සංඛ්‍යාවක් සිදුවන බස්නාහිර හා දකුණ යන ප්‍රදේශවල මෙම මෙහෙයුම සිදුකරයි.

මෙම නව මෙහෙයුම සදහා සන්නද්ධ ප්‍රහාරක පොලිස් බලඇණි 20ක් එම ප්‍රදේශවල ආරක්ෂක කටයුතු සිදුකිරීමට නියමිත අතර පොලිස්පතිවරයාගේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීවරයාගේ නියෝගවලට පමණක් මෙම කණ්ඩායම් ක්‍රියාත්මක වේ.

Loading

RSS