ගංජා පැළ 350ක් සමග ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට.!

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මොනරාගල පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු භාරයේ තිබී ගංජා පැළ 350ක් හා පොළව අභ්‍යන්තරයේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි උපකරණයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය කාර්යාලය සදහන් කරයි.

මෙම අත්අඩංගුවට ගැනීම් කර තිබුණේ ඊයේ රාත්‍රියේ ඔහුගේ නිල නිවසේ දී වන අතර සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලිසියට භාරදී ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close