වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්නට තවත් මාස තුනක සේවා දීර්ඝයක් ලබාදීමේ තීරණය ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කර ඇති බව වාර්තා වේ.
හෙට (01) දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බවත් එහිදී එම සේවා දීර්ඝය පිළිබඳව සලකා බැලීමට නියමිතව ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ 33 වැනි පොලිස්පතිවරයා වු චන්දන වික්‍රමරත්නගේ සේවා කාලය පසුගිය 25 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණේය.