පසුගිය වසරේ අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ එහිදී සොයාගත් රුපියල් ලක්ෂ 170කට අධික මුදල සම්බන්ධව විමර්ශන පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇත.
පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත්වරයා (25) පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කරයි .
මෙම නඩුවේ විත්තිකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එළඹෙන පෙබරවාරි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරයි.