සංවර්ධන කටයුතු මුවාවෙන් මැතිවරණ කටයුතු කරන දේශපාලකයන්ට වැඩ වරදී.!

ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ජනාධිපතිවරණයට එල්ල වන බලපෑම ගැන පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

ඒ පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රටේ දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දන්වා ඇතැයි වාර්තා වේ.

එළඹෙන ජූලි මස (31) වැනිදාට ප්‍රථම විමධ්‍යගත අයවැය යටතේ වෙන්කර ඇති මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති නිම කිරීමට පියවර ගන්නා ලෙස රජය සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement