ඇමැතිවරුන්ගේ සහ දේශපාලන හිතවතුන්ගේ අතිවිශාල ණය මුදල් කපාහැරීමේ සූදානමක්.! 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අතරතුර දේශපාලන හිතවතුන්ගේ අතිවිශාල ණය ප්‍රමාණයක් බොල් ණය ලෙස කපාහැරීමේ සූදානමක් ඇතිබව නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය.

බලවතුන්ට පමණක් මෙලෙස විශාල වරප්‍රසාද දීමට කිසිදු සාධාරන හේතුවක් නොමැති බවත් කඩිනමින් එම ණය අයකර ගනිමින් සාමාන්‍ය ජනතාව හා සමානව ඔවුන්ට සැලකිය යුතු බව චරිත හේරත් අවධාරනය කලේය.

මාතලේ පැත්තේ එක් දේශපාලනඥයෙක් හෝටලයක් හදන්න ණය ගත්ත ඒක ගෙවන්නේ නැහැ.හැබැයි හෝටලය තියෙනවා.නැඟෙනහිර පළාතේ දේශපාලනඥයෙක් තමන්ගේ ව්‍යාපාරවලට විශාල ණයක් ගන්නවා. ණය තියෙද්දි ඔහු ඒ ව්‍යාපාරවලින් ඉවත් වෙලා වෙනත් ව්‍යාපාර කරනවා.

එහෙම ණය ගත්ත සමහර දේශපාලන හිතවතුන්ගේ ණය බොල් ණය බවට පත්වෙලා තිබුණත් ඒ අය ව්‍යාපාර කරගෙන යනවා.ඒ නිසා බැංකුවලින් ණය අරගෙන නොගෙවන මෙවැනි බලසම්පන්න අයගෙන් ණය අයකර ගත යුතුයි කියලා අපි ආණ්ඩුවට බලකරනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කියන්නෙ බලවතුන්ගේ ණය කපාහරින එක නෙවෙයි.ආණ්ඩුව මේ සරල කාරණාව තේරුම්ගත යුතුයි.චරිත හේරත් මෙලෙස අදහස් දැක්වූයේ අද නිදහස් ජනතා සභා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Loading

RSS