මේ දිනවල වෙළදපොල තුළ පොලිතින් සහ ප්ලාස්ටික් වලින් සමන්විත විවිධාකාර වෙසක් සැරසිලි දැකගත හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කරයි.
එනිසා එළඹෙන වෙසක් සමයේ සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතා නොකර පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිතා කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කරයි.
නොදිරන ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැලකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එවැනි ද්‍රව්‍ය භාවිතා කිරීම මේ වන විට නීතියෙන් තහනම් කර ඇති බවද එම අධිකාරිය සදහන් කරයි.
එවැනි ද්‍රව්‍ය භාවිතා කිරීම නීතියෙන් දඬුවම් ලැබීය හැකි වරදක් බැවින් එළඹෙන වෙසක් සමයේ නොදිරන ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැලකී සිටින ලෙසද එම අධිකාරිය සදහන් කරයි.