ගෙවුණු පැය 24 තුළ ගාසා තීරය වෙත අඛණ්ඩව එල්ල කළ ගුවන් ප්රහාර හේතුවෙන් පුද්ගලයින් 400කට වැඩි පිරිසක් මියගොස් ඇති බව පලස්තීන බලධාරීන් නිවේදනය කරයි.
පසුගිය දින 17 පුරා ගාසා තීරයට එල්ල වූ ප්රහාරවලින් ළමුන් 1,900ක් ඇතුළු පුද්ගලයින් 4,651 දෙනෙකු මියගොස් ඇති අතර එම පිරිස අතරට එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 29 දෙනෙකුද ඇතුළත් වේ.
මෙම යුද ගැටුම හේතුවෙන් දෙපාර්ශ්වයේම මරණ ගණන 6,000 ඉක්මවා ඇති අතර ෆ්රැන්සිස් පාප් වහන්සේ ගාසා තීරයේ ජනතාව වෙනුවෙන් විශේෂ යාච්ඥාවක් කර ඇත.
යුද්ධයකදී කිසිදාක පරාජයක් මිස ජයග්රහණයක් ලැබිය නොහැකි බැවින් ඊශ්රායලයේ සහ පලස්තීනයේ මෙන්ම යුක්රේනයේ යුද්ධය වහාම අවසන් කරන ලෙස ෆ්රැන්සිස් පාප් වහන්සේ ආයාචනයක් නිකුත් කර ඇත.
විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ෆ්රැන්සිස් පාප් වහන්සේ සදහන් කළේ,
“ඊශ්රායලයේ සහ පලස්තීනයේ සිදුවෙමින් පවතින දේ ගැන මම ඉතා ශෝකයට පත් වෙමි. මම යාච්ඤා කරන අතර දුක් විඳින සියලු දෙනාට මම සමීප වෙමි. අවකාශය විවෘත කරන ලෙස මම මගේ ආයාචනය අලුත් කරමි. මානුෂීය ආධාර දිගටම පැමිණීමට සහ ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීමට. යුද්ධය, ලෝකයේ පවතින ඕනෑම යුද්ධයක් – මා සිතන්නේ වද හිංසාවට ලක් වූ යුක්රේනය – පරාජයකි. යුද්ධය සැමවිටම පරාජයකි; එය මානව සහෝදරත්වයේ විනාශයකි. සහෝදරවරුනි, නවත්වන්න.. නවත්වන්න.”